දුර🌹
කෙටිකතා ආදර (Romance)

දුර🌹

Angel_Diary 152 1 0

✨️ දුර 🌹 ළංවෙලා ඉන්න හැමෝම ළඟින්ම ඉන්නේ නෑ. සමහර අය හිතට ළං වෙන්නේ… ඈතටම යන්න වෙන්න පුළුවන්. කියන්න බැරි වූ වචන, අහිමි කරගන්න බැරි මතකයන් සහ දෙදෙනෙකු අතර හෙමින් වැඩුණු දුරක්…🌙 මේ, ආදරය තිබුණත් එකට ඉන්න බැරි වූ දෙදෙනෙකුගේ කතාවයි.✨️❤️

දුර 🌹


✨️01 කොටස

කාලය ගෙවෙන්නේ හරිම නිහඬව.


අපිට ඒක දැනෙන්නෙ නැහැ. ඊයේ වගේ මතක තියෙන දේවල් අවුරුදු ගණනක් පරණ වෙලා කියලා හිතෙන්නෙත් නැහැ. ඒත් එක දවසක ආපහු හැරිලා බැලුවම, අපිට හිතාගන්න බැරි තරම් දේවල් ඒ කාලය අරගෙන ගිහින්.


ශෙහාන්ට චේතකිව මතක එහෙමයි.


පොඩි කාලේ ඉඳන්.


ගෙදරකට යනවා කියන්නේ, දෙගොල්ලොම එකතු වෙන දවසක් වගේ. කවුරුහරි birthday එකක්, family function එකක්, අවුරුද්දකට වතාවක් කරන trip එකක්, නැත්නම් නිකම්ම weekend එකක ගෙදරකට යන එකක්.


චේතකි නැත්නම් ඒ ගමන ශෙහාන්ට ටිකක් හිස්.


ඒක ඔහුට තේරුණේ නැහැ.


ඇයටත් නැහැ.


පොඩි කාලේ ඔවුන් දෙන්නාට තිබුණේ එකිනෙකාට හුරු වූ සරල පුරුද්දක්.


ගෙදර ලොකු අය කතා කරමින් ඉද්දි, දෙන්නා හොරෙන් පිටිපස්සෙ වත්තට යනවා.


ගහක් යට වැටුණු අඹයක් හම්බුණොත් ඒක කාගෙද කියලා විනාඩි පහක් රණ්ඩු වෙනවා.


අන්තිමට දෙකට කඩලා දෙන්නා කනවා.


චේතකිට හම්බෙන කෑල්ල ටිකක් පොඩි නම්, ශෙහාන් තමන්ගේ කෑල්ලෙන් කොටසක් ඇයට දෙනවා.


ඇය ගන්නවා.


ස්තුතියි කියන්නෙවත් නැහැ.


ඒ වයසෙදි එයාලා අතර ස්තුතියි කියන්න තරම් දුරක් තිබුණේ නැහැ.


ඒක හුඟක් සාමාන්‍යයි.


පාඩම් කරන්න කියලා දෙන්නාව එකට වාඩි කළොත්, මුලින්ම පොත් දෙකම ඇරෙනවා.


විනාඩි දහයකට පස්සේ pencils දෙකක් වෙනුවට එකක්.


තව විනාඩි දහයකට පස්සේ පොත් ටික මේසෙ උඩ, දෙන්නා garden එකේ.


එක දවසක් දෙන්නා පාඩම් කර කර ඉද්දි චේතකි ශෙහාන්ගේ පොත දිහා බලලා හිනා වුණා.


“ඔයා මේක තාමත් කරලා නැද්ද?”


“තේරෙන්නෙ නෑ.”


“උදේ ඉඳන්?”


“හ්ම්.”


“ඔයාට නම් බැහැ.”


ඇය ඔහුගේ පොත තමන් ළඟට ඇදගත්තා.


“මෙන්න මෙහෙම කරන්න.”


ශෙහාන් ඇය ලියන දිහා බලාගෙන හිටියා.


පොතේ තිබුණු ප්‍රශ්නයට වඩා ඔහුගේ අවධානය තිබුණේ ඇයගේ අතේ.


“තේරුණාද?”


“හ්ම්.”


“මොකක්ද?”


ඔහු ටිකක් වෙලා නිහඬව හිටියා.


“ආයෙ කියන්න.”


ඇය ඇස් දෙක පුංචි කරලා ඔහු දිහා බැලුවා.


“ඔයා අහගෙන හිටියෙ නෑ නේද?”


ඔහු හිනා වුණා.


ඇයත් හිනා වුණා.


ඒ වගේ දවස් ගොඩක් තිබුණා.


ඔවුන්ට ඒවා මතක තිබුණෙත් නැහැ.


මොකද ඒ දවස් ඔවුන්ගේ ජීවිතයේ විශේෂ දවස් නොවුණා.


ඒවා ජීවිතයම වුණා.


කාලය ටික ටික ඉස්සරහට ගියා.


පොඩි කාලේ දුවපු වත්ත ඒ විදිහටම තිබුණා. ගෙවල් ඒ විදිහටම තිබුණා. Family gatherings ඒ විදිහටම තිබුණා.


වෙනස් වුණේ ඔවුන් දෙන්නා විතරයි. ඒ වගේම හැගීම් සහ සිතුවිලි ✨️


එක දවසක family party එකකදී ශෙහාන් එළියේ යාළුවෝ එක්ක කතා කරමින් හිටියා.


ඇතුළෙන් කට්ටියගේ හිනාව ඇහුණා.


චේතකි එළියට ආවා.


ඇය ඔහුව දැක්කා.


ඔහුත් ඇයව දැක්කා.


ඒත් මේ වතාවේ, වෙනදා වගේ නිකම්ම ඇය දිහා බලලා ආයෙත් වෙන පැත්තකට හැරෙන්න ඔහුට බැරි වුණා.


තත්පර කිහිපයක් ඔහුගේ ඇස් ඇය ළඟම තිබුණා.


චේතකිට ඒක දැනුණා.


ඇය ඔහු දිහා බලලා පොඩි හිනාවක් දැම්මා.


ශෙහාන් ඉක්මනින් වෙන පැත්තක් බැලුවා.


ඇය යන්න ගියා.


ඒත් ඇය ගිය පාර ඔහුගේ ඇස් තව මොහොතක් ඒ පස්සෙම ගියා.


ඔහුටම ඒ ගැන හිනා ගියා.✨️



“මොකක්ද මේ?”


ඔහු phone එක අතට ගත්තා.


ඒ වෙලාවේ screen එකේ notification එකක් ආවා.


චේතකිගෙන්.


“කොහෙද?”


ඔහු ඇය ඉන්න ගෙදරම ඉඳගෙන ඒ message එක කියෙව්වා.


“එළියේ.”


“මං දැක්කා.”


ඔහු reply කරන්න ගිහින් නතර වුණා.


ඒ වෙනුවට phone එක pocket එකට දාගත්තා.


විනාඩියකට පස්සේ ඇය ආයෙත් එළියට ආවා.


“මං message එකක් දැම්මා.”


“දැක්කා.”


“Reply නැත්තෙ?”


“මං මෙතනනේ.”


“ඒක තමයි. මෙතන ඉඳන් message කරන්නේ ඇයි?”


ඇය හිනා වෙලා ඔහු ළඟින් ගියා.


ශෙහාන් ඇය යන දිහා බැලුවා.


ඒකත් ඔහුට සාමාන්‍ය දෙයක් වගේ.


අවම වශයෙන් එදා ඔහු ඒකට වෙන නමක් දුන්නේ වත් නැහැ.


ඊළඟ මාස කිහිපයේ ඔහුට තේරෙන්න පටන් ගත්තේ තමන්ට චේතකි ගැන තිබුණේ පරණ හුරුපුරුදුකමට වඩා දෙයක් කියලා.


ඇය room එකකට එනකොට ඔහුගේ ඇස් ඇයව හොයනවා.


ඇය වෙන කෙනෙක් එක්ක හිනාවෙලා කතා කළොත්, ඔහු ඒ දිහා නොබලනවා වගේ ඉඳලා ආයෙත් බලනවා.


ඇය online ඉන්නවා දැක්කම message එකක් දාන්න හිතෙනවා.


ඒත් දාන්නේ නැහැ.


ඇය message එකක් දැම්මොත් නම්, reply එකක් නොදී ඉන්න බැහැ.


මේ හැමදේම ඔහුට හිතාගන්න බැරි තරම් ස්වභාවික වෙලා තිබුණා.


චේතකිටත් ඒ වෙනස නොදැනුණා නෙවෙයි.


ශෙහාන් වෙනදාට වඩා නිහඬයි.


ඇය දිහා බලන වෙලාව වැඩියි.


ඒත් ඇය දිහා කෙලින් බලන වෙලාව අඩුයි.


ඒක අමුතු දෙයක්.


ඔවුන් දෙන්නා අතරේ වචන අඩු වෙලා තිබුණේ නැහැ.


ඒත් සමහර වෙලාවට වචනවලට වඩා වැඩි දෙයක් සිද්ධ වෙනවා.


ඇය ඔහු ළඟින් යද්දි ඔහු ටිකක් පැත්තකට වෙනවා.


ඇය ආයෙත් ඔහු ළඟට එනවා.


ඔහුට ඒක දැනෙනවා.


ඇයටත් දැනෙනවා.


කාටවත් ඒක තේරුනේ නැහැ.


කවුරුත් ඒ ගැන අහන්නේත් නැහැ.


අහන්න ඕනෙත් නැහැ වගේ.


ඔවුන් දෙන්නා එකම දේවල්වලට කැමති බවත් ඒ කාලෙදි තවත් පැහැදිලි වුණා.


එකම songs.


එකම food.


වැස්ස වැටෙන වෙලාවට window එක ළඟ ඉඳගෙන ඉන්න එක.


රෑට කතා කර කර ඉන්න එක.


අලුත් movie එකක් ආවම දෙන්නාම එකම වෙලාවේ ඒ ගැන කියන එක.


එක දවසක් චේතකි ඔහුට song එකක් send කළා.


“මේක අහන්න.”


“මොකක්ද?”


“අහලා බලන්න.”


ඔහු earbuds දෙක දාගෙන song එක අහන්න පටන් ගත්තා.


"Maine royaan...🎧🎼 thujhe dhund dhunde..

Roya tha main tu na milaa.... 🎼"


විනාඩි තුනකට පස්සේ reply කළේ එක වචනයක්.


“ලස්සනයි.” 🥰


ඇය reply කළා.


“මං දන්නවා.”


ඔහු හිනා වුණා.


ඒකේ විශේෂයක් තිබුණේ නැහැ.


ඒත් ඔහුට ඒ message එක ආයෙත් කියවන්න හිතුණා.


ඒ කාලේ ඔවුන් දෙන්නාට තේරුණේ නැහැ—


සමහරවිට attraction එක පටන් ගන්නේ කෙනෙක් ලස්සනයි කියලා හිතන තැනින් නෙවෙයි.


..කෙනෙක්ගේ හිනාව තමන්ට වෙන කෙනෙක්ගේ හිනාවකට වඩා වැඩියෙන් මතක හිටින තැනින්..✨️


කෙනෙක් room එකට ආවම තමන්ගේ අවධානය වෙනස් වෙන තැනින්.✨️


කෙනෙක් නැති දවසක්, හේතුවක් නැතුව ටිකක් හිස් වගේ දැනෙන තැනින්.✨️


ඒ වෙනස ඔවුන් දෙන්නාගේ ජීවිතයට ඇතුළු වෙලා තිබුණේ එහෙමයි.


හෙමින්.


කිසිම ශබ්දයක් නැතුව.


ඔවුන්ටත් නොදැනී.


ඒත් කාලය තව ටිකක් ඉස්සරහට ගියාම, ඒ හුරුපුරුදුකමට ආයෙත් පරණ නමක් දෙන්න බැරි වෙන තරමට...


ඔවුන් දෙන්නා එකිනෙකාට බැඳෙන්න පටන් ගත්තා.✨️✨️

Continue..

2026 Angel_Diary — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved. story.lk

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. පළමු අදහස දක්වන්න!