ජීවිතේ හරි පුංචිම දේවල් ළග,
මහා මෙරක් ලැබුණා වගේ හිතලා හිනාවෙන්න.
හිතාගන්නවත් බැරි දුක් කන්දරාවක්
පුංචි හිනාවකින් තුනී කරගන්න
පුළුවන් වුන දවසේ ඉඳලා
මං මේ ජීවිතේ
දිනන්න හිතුවා...
කෑ ගහලා අඬන්න ඕනි තැන්වල
බර කඳුළු බිංදු
රහසින් පිහිදගෙන හිනා වුනා..
ඉස්සර දවස් වල
හිතට ගොඩක් බරට දැනුනු
හිත ගොඩක් රිදුනු දේවල්
අද සාමාන්‍ය සිදුවීමක්
විතරක් වෙලා...
මං හිතන්නෙ දැන් මං
මේ ජීවිත කතාව ඇතුළේ
හොදටම පරිනත
ජීවියෙක් වෙලා...
ඉතිං දැන් මං මට
ගොඩාක් ආදරෙයි...
2026 kum —
සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
story.lk