මගේ පුංචි දෝනිට..
පද්‍ය ෆැන්ටසි (Fantasy)

මගේ පුංචි දෝනිට..

kum 11 0 0

අම්මිගේ නෙත් තෙමන කඳුලැලි.. මැදින් හිනැහෙන් මගේ සුදු දුව..

මගේ හීනේ කුමරියයි නුඹ....

ජීව්තේ එක

පැතුමමයි නුඹ ....

දුක් විදින සිත

සනසනා නුඹ ...

අම්මිගේ සුර

දෙව්ලියයි නුඹ ...


විඩාබර ඇස් ළඟ හිනැහෙනා

පැතුම් ගෙනෙනා ආදරය නුඹ,

නේක රිදුමින් තැලුනු සිත ළග

සුවය සදනා ඔසුව නුඹ ....


හෙටදිනේ ජය

 ගන්න ලෝකය..

සවිය වන්නම්

මැණික නුඹ හට...

අම්මිගේ නෙත්

තෙමන කදුලැළි....

මැදින් හිනැහෙන්

මගේ සුදු දුව...




2026 kum — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved. story.lk

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. පළමු අදහස දක්වන්න!